1අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න:
2
3මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
4ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
5එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
6දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත.
7යුක්තිය නොපිට පෙරළන, මානව අයිතිවාසිකම් වළක්වන, ඔබට වන විපතක මහත!
8
10ඔබ උසාවිය මඟින් යුක්තිය ඉටු කරන්නාට වෛර වන්නහු ය; අවංක ලෙස කතා කරන්නාට පිළිකුල් කරන්නහු ය.
11ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.
12ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය.
13කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති.
14ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක.
15නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.
16සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
17සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.”
18සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය.
19ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි.
20සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය.
21
22නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි.
23නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි.
24යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය.
25
26එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය;
27එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.