1
2මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
3
4ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය.
5මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.
6ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
7
8ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
9ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.
10එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය.
11ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, “මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි.
12මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න.
13
14ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ.
15පාරාවෝගේ ඇමතිවරු ඈ දැක, ඇගේ රූපශ්‍රීය ඔහුට වර්ණනා කෙළෙන් ඇය රජ මාලිගාවට ගෙනයනු ලැබුවා ය.
16රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
17එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක.
18එවිට පාරාවෝ ආබ්‍රම් කැඳවා, “ඔබ මට කළ මේ හදිය කුමක් ද?
19ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය.
20තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය.