1තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.
2
3මෙසේ ආචාර කොට, “ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි.
4මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.
5මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
6ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
7තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය.
8තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.
9එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. “ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි.
10
11ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි.
12
13එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි?
14
15සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.
16අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය.
17සමිඳාණන් වහන්සේ: “මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද?
18මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත.
19ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.
20පසුව උන් වහන්සේ කතා කොට, “සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද?
21එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.
22එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය.
23ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද?
24හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
25අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
26එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “සොදොම් නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.
27ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
28හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. “එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක.
29ආබ්‍රහම් යළිත් කතා කරමින්, “ඇතැම් විට එහි දමිටුන් සතළිස්දෙනෙකු සිටින්නට පුළුවනැ”යි කී ය. “ඒ සතළිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
30ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “ස්වාමීනි, ඔබ මා සමඟ නොකිපෙන සේක් වා! මම නැවතත් කතා කරමි. හොඳයි! එහි තිස්දෙනෙකු පමණක් සිටින්නට පුළුවනැ”යි කී ය. “ඒ තිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ ද උත්තර දුන් සේක.
31ආබ්‍රහම් තවදුරටත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ සමඟ වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමා වන්න. හොඳයි! එහි දමිටුන් විසිදෙනෙක් පමණක් ඇතැ යි හිතමු”යි කී ය. “ඒ විසිදෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ පිළිතුරු දුන් සේක.
32එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” “ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
33ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.