1කලක් ගිය පසු, “ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය.
2එවිට, “ඔබේ පුත්‍රයා වන ජෝසෙප් ඔබ වෙත එන්නේ යැ”යි ජාකොබ්ට දන්වන ලදින්, ඔහු ශක්තිය යළි උපදවාගෙන ඇඳෙහි වාඩි විය.
3
4තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.
5තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.
6එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය.
7
8ඉශ්රායෙල් ජෝසෙප්ගේ පුත්‍රයන් දුටු විට, “මොවුහු කාගේ දැ”යි ඇසී ය.
9ජෝසෙප් එවිට තම පියාට උත්තර දෙමින්, “මොවුහු දෙවියන් වහන්සේ මෙහි දී මට දුන් මාගේ පුත්‍රයෝ ය”යි කී ය. එවිට ඔහු, “කරුණාකර, මා ළඟට මොවුන් ගෙනෙන්න, මම මොවුන්ට ආශීර්වාද කරමි”යි කීවේ ය.
10වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය.
11ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කොට, “නුඹේ මුහුණ බැලීමට ලැබේ ය යි මා නම් සිතුවේ නැත. එහෙත් පුදුමයකි, දෙවියන් වහන්සේ නුඹේ පෙළපත ද මට පෙන්වා වදාළ සේකැ”යි කී ය.
12පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය.
13ජෝසෙප් ඔවුන් දෙදෙන රැගෙන, එප්‍රායිම්, ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින් ද, මනස්සේ, ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින් ද අල්ලාගෙන, ජාකොබ්ට ළං විය.
14එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.
15මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය:
16
17සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන,
18පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.
19එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.
20
21ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක.
22තවද, ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමෝරිවරුන්ගෙන් රැගත් ෂෙකෙම් පෙදෙස, මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.