1
2
3ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය.
4එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.
5කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.
6කරකැවෙන චක්‍ර අතරෙන් ද කෙරුබ්වරුන් අතරෙන් ද ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට උන් වහන්සේ අණ කළ විට, ඔහු ඇතුළු වී චක්‍රයක් ළඟ සිටගත්තේ ය.
7කෙරුබ්වරයෙක් කෙරුබ්වරුන් අතරේ තිබුණ ගින්නට කෙරුබ්වරුන් අතරෙන් තමාගේ අත දිගු කොට, එයින් ගිනි රැගෙන හණ වස්ත්‍ර හැඳගෙන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේ ය. ඔහු ද එය රැගෙන පිටතට ගියේ ය.
8කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේ ය.
9
10ඒ සතරට ම තිබුණේ එකාකාර ස්වරූපයකි. ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක් මෙන් ය.
11කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ.
12
13ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය.
14
15කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.
16තවද, කෙරුබ්වරුන් යන විට රෝද ද ඔවුන් කැටුව ගියේ ය. පොළොව මතුපිටින් නඟින්න කෙරුබ්වරුන් තමන්ගේ පියාපත් විදහාගත් විට රෝද ඔවුන් වෙතින් ඉවත් නො වී ය.
17ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.
18එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය.
19කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය.
20මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.
21එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය.
22ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.