1සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2“මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද?
3මිදි වැලේ ලීයෙන් කිසිවක් තැනිය හැකි ද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්න ඇබයක් වත් සාදාගත හැකි ද?
4බලන්න, එය දර පිණිස ගින්නට දැමෙයි. එහි කොන් දෙක ගින්නෙන් දැවී ගොස් මැදත් අඟුරු වී ඇත. එය යම් වැඩකට සුදුසු ද?
5එය හොඳින් තිබිය දී වත් කිසි වැඩකට සුදුසු නො වී ය. එසේ නම්, එය ගින්නෙහි දැවී අඟුරු වී තිබිය දී කිසිවකට සුදුසු වන්නේ කෙසේ ද? යම් වැඩකට යොදාගත හැකි ද?
6“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි.
7මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
8ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “