1තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
2“මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න:
3‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්‍ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය.
4නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි.
5නුඹට ළඟ පාත සිටින ජාතීහු ද දුර බැහැර සිටින ජාතීහු ද නුඹේ අවුල් වියවුල් හා අපකීර්තිය නිසා නුඹට උසුළු-විසුළු කරති.
6නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.
7
8
9ලේ වගුරුවන පිණිස කේළාම් කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝ ය. සමහරු දේව රූපවලට පිදූ කෑම කෑහ; සමහරු සල්ලාලකම් කළහ;
10
11ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ.
12
13“ ‘එබැවින් නුඹ ලබාගත් අයුතු ලාභ නිසාත්, නුඹ ඇතුළෙහි වූ නුඹේ ලේ වැගිරීම් නිසාත් මාගේ මිට මොළවා පහර දෙන්නෙමි.
14නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි.
15මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.
16අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ “
17තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
18“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය ලෝහවල බොර හා සමාන ය. උදුනක රිදී පිරිසිදු කළ පසු ඉතිරි වන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් බොර හා සමාන ය.
19එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා සියල්ලන් ම ලෝහවල බොර මෙන් වී සිටින නිසා නුඹලා ජෙරුසලම තුළට එකතු කරන්නෙමි.
20රිදී ද තඹ ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගිනි පිඹ උණු කරන පිණිස උදුන තුළට එකතු කරන්නාක් මෙන් මම නුඹලා එකතු කර මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද උණු කරන්නෙමි.
21මම නුඹලා රැස් කර මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹින්නෙමි. නුඹලා එය තුළ උණු වන්නහු ය.
22උදුන තුළ රිදී උණු වෙන්නාක් මෙන් නුඹලා නගරය තුළ උණු වන්නහු ය. එවිට සමිඳාණන් වහන්සේ වන මා, මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරවූ බව නුඹලා දැනගනු ඇත.”
23සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
24“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: නුඹලාගේ දේශය අපිරිසිදු ය. ඒ නිසා මම උදහසින් එයට දඬුවම් කරන්නෙමි.
25එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.
26
27ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.
28එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ.
29දේශයේ සෙනඟ බලහත්කාරකම් කොට කොල්ලකෑහ; අසරණයාට ද දිළින්දාට ද පීඩා කළහ; අයුතු ලෙස විදේශිකයාට බලහත්කාරකම් කළහ.
30දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය.
31එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”