1
2එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.
3ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට ඔහු මට වතුර මැදින් එගොඩට යන්න කීවේ ය. වතුර වළලුකර දක්වා තිබුණේ ය.
4ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මට යන්න කීවේ ය. වතුර දණ හිස් දක්වා තිබුණේ ය. ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මා යැව්වේ ය. එතැන වතුර ඉඟටිය දක්වා තිබුණේ ය.
5ඔහු තව මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට එය මට බැස යන්න බැරි ගඟක් ව තිබුණේ ය. මන්ද, බැස යන්න බැරි ගඟක් ව පීනන්න වුවමනා තරමට වතුර ඉහළට නැඟ තිබුණේ ය.
6එවිට ඔහු කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි දැ”යි මාගෙන් අසා, මා කැඳවාගෙන නැවත ගං ඉවුරට පැමිණෙව්වේ ය.
7මම හැරී ගිය කල, ගං ඉවුර දෙපැත්තෙන් ම බොහෝ ගස් තිබෙනු දිටිමි.
8ඔහු කතා කරමින්, “මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය.
9මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත.
10මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.
11එහෙත්, එහි වගුරුබිම් සහ ගොහොරු බිම්වල වතුර මිරිදිය නොවී ලුණු ලබාගන්න පිණිස හරිනු ලබන්නේ ය.
12
13මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය.
14නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.
15“ දේශයේ සීමා මෙසේ ය: උතුරු දිශාවේ මධ්‍යධරණි මුහුදේ සිට සෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන ලෙබෝ හමාත් ද බේරෝතා ද
16දමස්කයේ සීමාවටත්, හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම් ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර් ද යන ඒවා ය.
17මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.
18“දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.
19“දකුණු දේශ සීමාව නම්, තාමාර් පටන් මෙරිබොත්-කාදෙෂ්හි ජලයත්, ඉක්බිති මිසර ඔය දිගේ මධ්‍යධරණි මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු සීමාව එය වේ.
20“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.
21“මේ දේශය ද ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට නුඹලා අතරේ බෙදාගන්න.
22නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.
23වි දේශිකයා වාසය කරන ගෝත්‍රය අතරේ ම ඔහුගේ උරුමය ඔහුට දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”