1හත් වන මාසය වන විට, ඉශ්රායෙල් සෙනඟ තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ. එකල ඔව්හු එක් කෙනෙකු මෙන් ජෙරුසලමට රැස් වූ හ.
2
3
4
5
6ඔව්හු හත් වන මාසයේ පළමු වන දා පටන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කරන්නට පටන්ගත්හ. එහෙත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් ඒ වන තෙක් නොදමන ලද්දේ ය.
7පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
8ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.
9එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.
10
11
12එහෙත්, පළමු මාලිගාව දුටු මහලු අය වන බොහෝ පූජකයෝ ද ලෙවීවරු ද පිය වංශවල ප්‍රධානියෝ ද මාලිගාවේ අත්තිවාරම් දැමූ බව දුටු විට මහා හඬින් හැඬුවෝ ය. තවත් බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා ද පැවැත්වූ හ.
13ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.