1
2
3ඒ කාලයේ දී යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියා ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද ඔවුන් වෙත අවුත්, කතා කොට, “මේ මාලිගාව ගොඩනැඟීමට, ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට නියෝග කෙළේ කවරෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසූ හ.
4තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ.
5එහෙත්, ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂා බැල්ම ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් කෙරෙහි වූ බැවින් දාරියුස්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා, ලියුමකින් පිළිතුරු ලැබෙන තුරු ඔව්හු ඔවුන්ගේ වැඩ නතර නොකළහ.
6යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.
7ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: “දාරියුස් රජු හට සව් සෙත් වේ වා!
8අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.
9අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.
10තවද, ඔවුන්ට මූලික ව ක්‍රියා කරන මිනිසුන්ගේ නම් ලියාගෙන ඔබට දන්වනු පිණිස, ‘ඔවුන්ගේ නම් කවරේ දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.
11ඔව්හු පිළිතුරු දෙමින්, ‘අපි ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට පෙර ගොඩනඟන ලද, ඉශ්රායෙල්හි උතුම් රජෙකු විසින් ගොඩනඟා නිම කරන ලද මාලිගාව අපි නැවත ගොඩනඟමු.
12
13
14තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.
15ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය.
16එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය.
17ඒ නිසා රජුට යහපතැ යි පෙනේ නම්, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජු විසින් නියෝගයක් කරන ලද්දේ දැ යි බබිලෝනියේ තිබෙන රජුන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලන්න සලස්වා, මේ කාරණය ගැන රජතුමාගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව.”