1
2එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා,
3
4තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ.
5ජූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා කරනු ලැබූ හ. රූබන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද
6ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද
7සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද
8සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ.
9ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.
10ඔව්හු මහ හඬින් මොරගසා “සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන් ද බැටළු පෝතකයාණන්ගෙන් ද ගැළවීම පැමිණේ ය”යි කී හ.
11සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්,
12“ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.
13එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට, “සුදු සළු පැළඳගත් මොවුහු කවුරු ද? කොතැනින් ආවෝ දැ”යි මාගෙන් ඇසී ය.
14
15ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.
16
17