1
2අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න.
3ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය.
4හැකි පමණ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.
5
6රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.
7
8ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන ආරංචි ඔබට දන්වා, ඔබේ සිත් ධෛර්යවත් කරන පිණිස ය.
9
10
11යුස්තස් කියන ජේසුස් ද, එසේ ම ආචාර කරයි. චර්මඡේදිත ජුදෙව්වන්ගෙන් හැරුණු අය අතුරෙන් මේ තිදෙනා පමණක් මා සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සේවය කරති. ඔව්හු මට මහත් සැනසිල්ලකි.
12
13ඔහු ඔබ උදෙසාත් ලවෝදීසයෙහි හා හියරපොලිසෙහි සිටින්නන් උදෙසාත් බොහෝ සේ වෙහෙසෙන බවට මම පෞද්ගලික වශයෙන් සාක්ෂි දරමි.
14
15ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න.
16මේ ලියුම ඔබ අතර කියවූ පසු ලවෝදීසයේ සභාවෙහි ද එය කියවන්නට සලස්වන්න. එසේ ම ලවෝදීසයෙන් ලැබෙන ලියුම ද ඔබ අතර කියවන්න.
17
18පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!