1
2ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.
3උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී.
4
5
6එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.
7එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.
8සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක.
9
10ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.
11එතැනින් නික්ම ඔව්හු පෙරදිග වූ මෝවබ් ප්‍රදේශයට ඉදිරියෙන් පිහිටි පාළුකරයේ ඉයේ-අබාරීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.
12එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ.
13එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.
14එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ:
15
16
17එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ.
18
19එතැනින් නහලීයෙලට ද එතැනින් බාමොත්ට ද
20එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.
21ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ සීහොන් රජු වෙත දූතයන් යවමින්,
22“ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව, ඔබේ කෙත් වතුවලට හෝ මිදි වතුවලට හෝ නොයන්නෙමු. ළිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කරන තෙක් රජ මාවත ඔස්සේ ම යන්නෙමු”යි සැළ කළහ.
23එහෙත්, සීහොන් රජ, තම රට මැදින් යන්නට ඉශ්රායෙල්වරුන්ට අවසර නුදුන්නේ ය. තවද, ඔහු තම සියලු සෙනඟ රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පාළුකරයේ පිහිටි ජහශ් නම් ස්ථානයට ගොස්, ඔවුන්ට පහර දුන්නේ ය.
24ඉශ්රායෙල්වරු ද ඔවුන්ට විරුද්ධ ව කඩුවෙන් ප්‍රති ප්‍රහාර දී, අර්ණොන් නදියේ සිට ජබ්බොක් දක්වා ද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාශර් නම් ස්ථානය දක්වා ද රට යටත් කරගත්හ.
25ඉශ්රායෙල්වරු මෙසේ අමෝරිවරුන්ගේ මේ නගර සියල්ල ම අල්ලාගත්හ. ඉන්පසු ඔව්හු හෙෂ්බොන් ඇතුළු ඊට යාබද සියලු නගරවල පදිංචි වූ හ.
26හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්‍රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.
27එබැවින් කිවීහු මෙසේ ගැයූ හ:
28
29
30
31මෙලෙස ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි පදිංචි වූ හ.
32මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.
33ඉන්පසු ඔව්හු හැරී බාෂාන් බලා ගියහ. එවිට බාෂාන්හි රජු වූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පහර දීමට එද්රෙයි නම් ස්ථානයට ගියහ.
34සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.
35එවිට ඉශ්රායෙල්වරු එම රජුටත්, ඔහුගේ දරුවන්ටත්, ඔහුගේ සෙනඟටත් පහර දී ඔවුන්ගෙන් කිසිවෙකු ඉතුරු නොකොට මරාදැමූ හ. ඉන්පසු ඔව්හු එම දේශය අත්පත් කරගත්හ.