1ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
2ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන,
3“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.
4ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.
5මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය.
6එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
7
8නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.
9ඔහුට දුවක් නැති නම්, ඒ උරුමය ඔහුගේ සහෝදරයන්ට දිය යුතු ය.
10සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.
11ඔහුගේ පියාට සොහොයුරන් ද නැති නම් ඔහුගේ පියාගේ පවුලේ කිට්ටු ම නෑයෙකුට එය දිය යුතු ය. ඒ නෑයාට එය සින්නක්කරේට අයිති වනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම මෝසෙස් වන නුඹට අණ කළ පරිදි මේ ය. ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙය සදහට ම වලංගු නීතියක් විය යුතු ය”යි වදාළ සේක.
12
13නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.
14මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)
15මෝසෙස් උන් වහන්සේට කතා කොට,
16“එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා!
17
18
19ඉන්පසු පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරිපිට ඔහු සිටුවා, ඔවුන් බලාගෙන සිටිය දී ඔහුට වගකීම පවරන්න.
20මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න.
21
22සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා,
23