1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2“ඉශ්රායෙල් ජනයාට අණ දෙමින් මෙය කියන්න: ‘නුඹලාට උරුමයක් වශයෙන් හිමි වන කානාන් දේශයට නුඹලා පැමිණි කල්හි, එහි දේශ සීමාවෝ පහත දක්වන ඒවා ය.
3දකුණු පැත්ත ශීන් නම් පාළුකරයේ සිට ඒදොම් දේශ සීමාව ඔස්සේ ය. දකුණු මායිම මළ මුහුදේ දකුණු කොණට නැගෙනහිරින් පටන්ගනු ඇත.
4ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත.
5එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.
6‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.
7උතුරු මායිම මධ්‍යධරණි මුහුදේ සිට හෝර් කන්ද දක්වා ද
8එතැන් සිට හමාත් දූර්ගය, ශෙදාද් සහ
9ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත.
10‘පෙරදිග මායිම හශර්-ඒනානෙන් ෂෙපාම් දක්වා ද,
11අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,
12එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ “
13
14පිය පෙළපත් අනුව රූබන්ගේ පරපුරට අයිති අය සහ ගාද්ගේ පරපුරට අයිති අය ඔවුන්ගේ උරුම කොටස ලබාගෙන ඇත. එලෙස ම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද ඔවුන්ගේ උරුම ලැබී තිබේ.
15ඉහත කී ගෝත්‍ර දෙකට සහ අර්ධ ගෝත්‍රයට හිරු නඟින පෙරදිග පිහිටි ජෙරිකෝව අසල ජොර්දාන් ගඟෙන් මෙගොඩ ඔවුන්ගේ උරුම කොටස ලැබී තිබේ.”
16සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
17“නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය.
18තවද, දේශය උරුම කොට බෙදා දීම සඳහා එක එක ගෝත්‍රයට එක එක නායකයෙකු බැගින් තෝරාගත යුතු ය.
19මොවුහු නම්, ජුදා ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ්;
20සිමියොන්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් ෂෙමුවෙල්;
21බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත් එලිදාද්;
22දාන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන් ජොග්ලිගේ පුත් වූ හා නායකයෙකු වූ බුක්කී;
23ජෝසෙප්ගේ පුත්‍රයන් වන මනස්සේගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ඒපොද්ගේ පුත් වූ හා නායකයෙකු වූ හන්නීයෙල්;
24එප්‍රායිම්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂිප්තාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ කේමුවෙල්;
25සාබුලොන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, පර්නාක්ගේ පුත් වූ හා නායකයෙකු වූ එලිශාපාන්;
26ඉස්සාකර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අශ්ශාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ පල්තියෙල්;
27ආෂෙර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂෙලොමීගේ පුත් වූ හා නායකයෙකු වූ අහිහුද්;
28නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.”
29කානාන් දේශයේ දී ඉශ්රායෙල් ජනයාට උරුමය බෙදා දීමට සමිඳාණන් වහන්සේ මොවුන්ට අණ කළ සේක.