2සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4ⓖ“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
5සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක.
6එතුමාණෝ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක; මළකඳන්වලින් රණ බිම පුරවන සේක. ලොව පුරා සිටින රජවරුන් පරාජය කරන සේක.
7රජතුමා යන මඟ අසල ඇති දොළ පහරින් දිය පානය කරනු ඇත; එයින් ශක්තිමත් කරනු ලැබ සටනින් ජයග්‍රාහී වනු ඇත.