2බලව, දාසයෙකුගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත්, දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන්, අපේ දෙවිඳාණන්ගේ කරුණාව අප වෙත පහළ වන තෙක්, අපේ දෑස එතුමාණන් දෙස යොමා තිබේ.
3සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු.
4සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.