ගීතාවලිය 124:1-8 SINRV2006 - Bible AI

1දාවිත් විසිනි. ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,

2අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,

3ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.

4එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි; දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.

5සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.

6අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!

7පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු; උගුල බිඳී ගියේ ය. අපි ගැළවුණෙමු.

8අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”

>