ගීතාවලිය 129:1-8 SINRV2006 - Bible AI

1ඉශ්රායෙල් දැන් මෙසේ කියත් වා: “මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.

2මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය. එහෙත්, මාගෙන් ජය නොගත්තෝ ය.

3කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.

4එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය; එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”

5සියොන්ට ද්වේෂ කරන සියල්ලෝ ලජ්ජා වී පලා යත් වා!

6ඔව්හු වැඩෙන්නට පළමුවෙන් වියළී යන, පියස්ස පිට ඇති තෘණ මෙන් වෙත් වා!

7කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.

8“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.

>