ගීතාවලිය 131:1-3 SINRV2006 - Bible AI

1සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.

2ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.

3එම්බා ඉශ්රායෙල්වරුනි! මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.

>