1සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද? කෙතරම් යහපත් ද?
2එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි.
3එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.