1දාවිත් ලියූ සංගීතයකි. ⓦඅඥානයා, “දෙවි කෙනෙක් නැතැ”යි සිතින් සිතන්නේ ය. එසේ සිතන්නෝ, දූෂිත, පිළිකුල්, අපරාධ කරන්නෝ ය. යහපත කරන කිසිවෙක් නැත.
2සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක.
3සියලු දෙනා නපුරට වැටී ඇත; එක ලෙස දූෂණය වී ඇත. යහපත කරන්නෙක් නැත; ඇත්තේ ම නැත.
4අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?
5පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
6සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.