1දාවිත්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව.
2මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.
3මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක; සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක.
4මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි; ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි.
5අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.
6රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා!
7ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා!
8එවිට මම නිතර ම ඔබේ නාමයට පැසසුම් ගී ගයන්නෙමි; දිනෙන් දින පොරොන්දු ඉටු කරන්නෙමි.