ගීතාවලිය 82:1-8 SINRV2006 - Bible AI

1ආසාප්ගේ ගීතයකි. දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.

2ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද? දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?

3දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න;

4දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.

5නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.

6“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.

7එහෙත්, ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලි වන්නහු ය. රජ දරුවන් මෙන් ඔබ සියලු දෙන වැටී යන්නහු ය.

8අහෝ දෙවිඳුනි! ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා! සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.