1දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.
2
3ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය.
4
5ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.
6විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.
7එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.
8එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න.
9සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක.
10සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න.
11
12
13ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.
14
15එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ.
16එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;
17
18
19මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි.
20