1සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක.
2මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි.
3එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්,
4“නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.
5මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.
6කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, “යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක.
7මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි.
8එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:
9“මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය.
10මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත.
11හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”
12“තවද ජෙරමියා, ඉශ්රායෙල් සෙනඟට කතා කොට, ‘සියලු භාජන මුද්‍රික පානයෙන් පිරවිය යුතු යයි නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. ඔවුන් නුඹට කතා කොට, ‘හැම භාජනයක් ම මුද්‍රික පානයෙන් පුරවා තැබිය යුතු බව අපි දනිමු’යි කියනු ඇත.
13එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න.
14ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”
15ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක.
16
17
18
19
20
21
22
23
24
25
26
27