1
2“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.
3එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,
4සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.
5මම මුද්‍රික පානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා, “මුද්‍රික පානය බොන්නැ”යි කීමි.
6එහෙත්, ඔව්හු මෙසේ කීවෝ ය: “අපි මුද්‍රික පානය නොබොම්හ. මක්නිසා ද, අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කරමින්, ‘නුඹලා වත්, නුඹලාගේ පුත්‍රයන් වත් සදහට ම මුද්‍රික පානය නොබී සිටින්න:
7ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය.
8අපි වනාහි අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කළ සියල්ල නොපිරිහෙළා පිළිපදිමින් ඔහුගේ හඬට කීකරු වීමු; කිසි කලක අපි වත්, අපේ භාර්යාවෝ වත්, අපේ පුත්‍රයෝ වත්, අපේ දූවරු වත් මුද්‍රික පානය නොබීවෙමු.
9අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත.
10අපි කූඩාරම්වල වාසය කොට, අපේ පිය වූ ජෝනාදාබ්ට කීකරු ව, ඔහු අපට අණ කළ සියල්ල ඉටු කෙළෙමු.
11එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”
12එකල සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
13ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹ ගොස් ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න: ‘මාගේ වචනවලට නුඹලා කීකරු වන්නේ වත්, මාගේ අනුශාසනා නුඹලා පිළිගන්නේ වත් නැද්දැ යි ස්වාමීන් වන මම අසමි.
14රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය.
15මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.
16රේකාබ්ගේ පුත් ජෝනාදාබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ පියා ඔවුන්ට දුන් අණ ඉෂ්ට කළෝ ය. එහෙත්, මේ සෙනඟ මට සවන් නුදුන්නෝ ය.
17එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ “
18එවිට ජෙරමියා රේකාබ්වරුන්ගේ වංශයට කතා කොට, මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ පිය වූ ජෝනාදාබ්ගේ අණට නුඹලා කීකරු ව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂා කර, ඔහු නුඹලාට අණ කළ සියල්ල ඉටු කළහු ය.
19සෑම කල්හි ම මා ඉදිරියෙහි සිටින්නට රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ්ගෙන් පැවත එන කෙනෙක් නැති ව නොයන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”