1
2
3
4සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය.
5ඔව්හු සියොන් කන්දට යන මාර්ගය කුමක් දැ යි අසමින් ඒ දෙසට ගමන් කරන්නෝ ය. ‘එන්න අපි සමිඳාණන් වහන්සේ සමඟ අමතක නොවන සදාතනික ගිවිසුමක් කරගනිමු’යි ඔව්හු කියන්නෝ ය.
6“මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.
7ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.
8
9මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.
10බබිලෝනිය කොල්ලකනු ලැබේ. ඒ දේශයෙන් කොල්ලකන සියල්ලෝ ම තෘප්තියට පැමිණෙන්නෝ ය.”
11“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය.
12
13
14
15
16
17“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
18එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම අසිරියාවේ රජුට දඬුවම් කළාක් මෙන් බබිලෝනියේ රජුටත්, ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි.
19ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.
20ඒ දවස්වල දී හා ඒ කාලවල දී ඉශ්රායෙල්වරුන්ගේ අපරාධ සොයන නමුත්, එහි කිසිවක් සම්බ නොවන්නේ ය. ජුදාගේ පාපයන් සොයන නමුත්, ඒ කිසිවක් ද සම්බ නොවන්නේ ය. කුමක් නිසා ද, මා ඉතිරි වන්නට හරින සෙනඟ කමාව ලබන බැවිනි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
21“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න;
22
23
24
25
26
27
28බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.
29
30එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
31“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.
32උඩඟු ජාතියක් වන නුඹ පැකිළ වැටෙන්නෙහි ය. නුඹ නඟා සිටුවන්න කිසිවෙක් නොවන්නේ ය. මම නුඹේ නගරවල ගින්නක් දල්වන්නෙමි; එයින් නුඹ අවට තිබෙන සියලු දේ දැවී යනු ඇත.”
33සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි සෙනඟ ද ජුදාහි සෙනඟ ද එකට පීඩා විඳින්නෝ ය. ඔවුන් වහල්කමට ගත් සියල්ලෝ ඔවුන්ට යන්නට ඉඩහරින්න අකමැති වී ඔවුන් අල්ලාගෙන ම සිටිති.
34එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.
35“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
36
37
38
39
40
41“අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති. බලවත් ජාතියක් ද බොහෝ රජවරු ද පොළොවේ ඉතා දුර සීමාවලින් නැඟී එති.
42ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.
43බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.
44“බලන්න, ජොර්දාන් වනයේ සිට ගොදුරු බිම් කරා නික්ම එන සිංහයෙකු මෙන් ස්වාමීන් වන මම ඔවුන්ට විරුද්ධ ව නැඟී එන්නෙමි. බබිලෝනිවරුන්ට ඔවුන්ගේ නගරයෙන් හදිසියේ ම පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා විසින් තෝරාගනු ලබන කෙනෙකු රට පාලනය කරන්නට පත් කරන්නෙමි. මන්ද, මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? මට විරුද්ධ ව නැඟී සිටින්නට පුළුවන් නායකයා කවරෙක් ද?
45ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත.
46බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”