1සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය:
2“නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුව ළඟ සිට, මෙසේ ප්‍රකාශ කරන්න: සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන ජුදාහි සියල්ලෙනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
3ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරන සේක: නුඹලාගේ කල්ක්‍රියාව සහ නුඹලා කරන දේ හරිගස්සාගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානයෙහි වාසය කරන්නට ඉඩ සලසන්නෙමි.
4‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.
5“නුඹලාගේ ම කල්ක්‍රියා ද නුඹලා කරන කියන දේ ද සැබැවින් ම හරිගස්සාගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න.
6විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න.
7එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි.
8“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.
9නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය.
10ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද?
11
12
13මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය.
14ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.
15මා නුඹලාගේ සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය නෙරපාදැමූ පරිදි නුඹලාත් මා ඉදිරියෙන් මම නෙරපා දමන්නෙමි.”
16“ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා මොරනොගසන්න. යාච්ඤා නොකරන්න. මා නුඹේ බසට සවන් නොදෙන බැවින් මට කන්නලව් නොකරන්න.
17ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් ඔවුන් කරන දේ නුඹට පෙනෙනවා නොවේ ද?
18
19එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.
20ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.
21“මාගේ සෙනඟෙනි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සියලු බලැති ස්වාමීන් වන මම නුඹලාට මෙසේ වදාරමි: නුඹලාගේ පූජාවලට නුඹලාගේ දවන යාග පූජාත් එක් කොට ඒවායේ මස් මාංස අනුභව කරන්න.
22මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි.
23එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.
24එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ.
25නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත් ව පැමිණි දා සිට අද දක්වා, නොකඩවා මම මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත එවීමි.
26එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.
27‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය.
28එබැවින් ඔව්හු තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන්, දැනුමැතිකම නොපිළිගත් ජාතියකි; සත්‍යය ඔවුන් තුළ නැත. ඒ සියල්ල ම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැ’යි කියන්න.”
29“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.
30ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.
31
32ඒ නිසා, එයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියන කාලය පැමිණෙන්නේ ය. එයට ‘ඝාතනයේ මිටියාවත ය’යි කියනු ලැබේ. මන්ද, වළලන්නට ඉඩ නැති වන තරම් තෝපෙත්හි මිනී වළලනු ලබන බැවිනි.
33මේ සෙනඟගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් එළවාදමන්නට කිසිවෙක් නොසිටිති.
34