1ජෝසෙප්ගේ පරපුරට පැවරුණු කොටසේ සීමාව නැගෙනහිර පාළුකරය ළඟ තිබෙන ජෙරිකෝවේ ගඟ ළඟ ජෙරිකෝව ඉදිරිපිට තිබෙන ජොර්දානේ පටන් ජෙරිකෝවෙන් කඳු රට මැදින් බෙතෙල්ට නැඟී ගොස්
2බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ
3එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
4මනස්සේ සහ එප්‍රායිම් යන ජෝසෙප්ගේ පුත්‍රයෝ මෙසේ තමන්ගේ උරුමය ලැබූ හ.
5එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;
6උතුරු සීමාව මික්මෙතාත් සිට මධ්‍යධරණි මුහුදට විය. එතැනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, ජනෝවාට නැගෙනහිරින් එය පසු කර වැටී තිබිණි.
7ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.
8තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. එප්‍රායිම් ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව තිබුණු උරුමය වනාහි
9එය සහ මනස්සේගේ ගෝත්‍රයේ උරුමය තුළ එප්‍රායිම් ගෝත්‍රයට වෙන් කරන්නට යෙදුණු ඒවායේ සියලු නගර හා ගම් ද වේ.
10