1
2එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.
3මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය.
4ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි.
5ඇරත්, කළුවර වැටී වාසල් දොරටුව වසන වේලාව පැමිණෙද්දී ඒ මිනිස්සු පිටත් ව ගියෝ ය. ඔවුන් කොහේ ගියා දැ යි මම නොදනිමි. ඉක්මනින් ඔවුන් ලුහුබැඳ යන්න. තවම ඔවුන් අල්ලාගන්නට හැකි වන්නේ ය”යි පැවසුවා ය.
6රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය.
7රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.
8ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්,
9ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි.
10
11මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි.
12ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.
13මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.”
14එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.
15රාහාබ්ගේ ගෙය නගරයේ පවුර පිට තිබුණේ ය; ඈ ද පවුර පිට වාසය කළා ය. එබැවින් ඈ කඹයකින් ඒ මිනිසුන් දෙදෙනා කවුළුවෙන් බැස්සුවා ය.
16ඈ ඔවුන්ට කතා කොට, “ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය.
17ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු.
18එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.
19කිසිවෙකු ඔබේ ගෙදරින් පිට වී වීදියට ගොස් මරණයට පත් වුවහොත් වරද ඔහුගේ ම ය; ඒ ගැන අපි නිදොස් ය. ඔබ සමඟ ගෙදර සිටින යමෙකුට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ මරණය ගැන අප වගකිවයුතු වන්නේ ය.
20එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.”
21රාහාබ් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය.
22ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.
23එවිට ඒ මිනිසුන් දෙදෙනා ආපසු හැරී, කඳුකරයෙන් බැස, ගඟෙන් එතෙර වී, නූන්ගේ පුත් ජෝෂුවා වෙත පැමිණ තමන්ට සිදු වූ සියල්ල ඔහුට දැන්වූ හ.
24ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.