1“එකල සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘කලින් තිබුණු ගල් පුවරු මෙන් ගල් පුවරු දෙකක් කපාගෙන මා වෙත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න,
2නුඹ බිඳ දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුළ දැමිය යුතු ය’යි වදාළ සේක.
3“මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.
4එවිට උන් වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට කන්දේ දී ඔබට සමිඳාණන් වහන්සේ වදාළ දස පණත කලින් ලියූ පරිදි ගල් පුවරු මත ලියූ සේක. මෙසේ ලියා මට දුන් පසු
5මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත.
6
7එතැනින් ඔව්හු ගුද්ගොදා නම් ස්ථානයට ද මෙතැනින් ජලය බහුල ව තිබූ ජොත්බාතා නම් රටට ද පිටත් ව ගියහ.
8
9එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.
10
11උන් වහන්සේ මා අමතා, ‘නුඹේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට ඇතුළු වී එය අයිති කරගනු පිණිස, නැඟිට සෙනඟට පෙරටුවෙන් යන්නැ’යි වදාළ සේක.”
12“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,
13මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.
14බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.
15එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක.
16එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න.
17
18උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක.
19බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න.
20ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.
21ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය.
22