1“ලෙවීවරුන් වන පූජකවරුන්ට සහ ලෙවීගේ ගෝත්‍රයට අයිති සියල්ලන්ට ම ඉශ්රායෙල්වරුන් සමඟ රටින් කොටසක් හෝ උරුමයක් හෝ නොලැබේ. සමිඳාණන් වහන්සේට පුදන පඬුරු සහ උන් වහන්සේට හිමි කොටස ඔවුන් වැළඳිය යුතු ය.
2
3“සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.
4තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය.
5ඔබේ සියලු ම ගෝත්‍රවලින්, දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම සේවය කරනු පිණිස පූජකවරුන් සහ ඔවුන්ගේ පරපුර තෝරාගත් සේක.
6“මුළු ඉශ්රායෙල් ජනතාව වසන නගරවලින්, යම් ලෙවීවරයෙකු, තමා පදිංචි ව සිටි ස්ථානයෙන් නික්ම, ඉතා දැඩි ආශාවකින් සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණියොත්,
7සමිඳාණන් වහන්සේ අබිමුව සෙසු සහෝදර ලෙවීවරුන් කරන්නාක් මෙන් ඔහු ද තම දෙවි සමිඳාණන් වහන්සේට සේවය කළ යුතු ය.
8තම පිය උරුමය විකිණීමෙන් ලැබෙන ආදායමට අමතර ව සෙසු පූජකවරුන්ට මෙන් ඔහුටත් වැළඳීමට සම කොටසක් දිය යුතු ය.”
9“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.
10
11
12මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.
13
14එවිට මෝසෙස් මෙසේ කීවේ ය: “ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක.
15
16හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.
17සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය.
18නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.
19
20එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’
21“ ‘සමිඳාණන් වහන්සේ නොවදාළ දිවැස් වැකියක් තිබේ නම්, අපි ඒ ගැන කෙසේ දැනගන්නෙමු දැ’යි ඔබ සිතන්න පුළුවන.
22දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.”