1
2එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.
3ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය.
4“ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.
5“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.
6“ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය.
7කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.
8“ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ.
9
10“කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ.
11“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.
12
13“යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී,
14ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්,
15තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය.
16තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී,
17බොරු චෝදනා ඉදිරිපත් කරමින්, මගේ දුව කන්‍යාවක් නො වූවා යයි කියයි. එහෙත් මෙන්න, මාගේ දුවගේ කන්‍යාභාවයේ සලකුණු’යි කියා, ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි, රෙදි කඩ දිග ඇරිය යුතු වේ.
18එවිට නගරයේ ප්‍රජා මූලිකයන් ඒ පුරුෂයා ගෙන ඔහුට පහර දිය යුතු ය.
19තවද, ඔහුට රිදී කාසි සියයක් දඩ ගසා ඒවා ඒ තරුණියගේ පියාට දිය යුතු ය. මෙසේ කළ යුත්තේ ඉශ්රායෙල් ජාතික කන්‍යාවක පිට ඔහු නරක නාමය පැවරූ බැවිනි. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි ඇති තාක් ඔහුට ඇය පන්නාදැමිය නොහැකි ය.
20“එහෙත්, තරුණියගේ කන්‍යාභාවයේ සලකුණ නැති බවට ඉදිරිපත් කළ චෝදනාව ඇත්තක් නම්,
21ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
22“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
23“යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්,
24ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
25“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් තරුණියක එළිමහනේ දී මුණගැසී, ඔහු බලහත්කාරකමින් ඇය දූෂණය කළහොත්, ඒ පුරුෂයා පමණක් මරණයට පත් කළ යුතු ය.
26තරුණියට නම්, කිසිවක් නොකළ යුතු ය. ඈ මරණයට සුදුසු අපරාධයක් නොකළ බැවිනි. මේ කාරණය, යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව නැඟිට, ඔහු මරා දැමීමට සමාන වේ.
27මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි.
28
29ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.
30