1
2එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය.
3මේ සැමියා ද ඇයට අකමැති වුවහොත් දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, සිය ගෙදරින් ඇය පිට කළ යුතු ය. ඇය සරණ පාවාගත් මේ සැමියා මියගියොත්,
4ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.
5“යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.”
6“කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි.
7
8
9
10
11ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත.
12යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.
13කෙසේ හෝ වේවා, ඔහුට එම වස්ත්‍රය පොරවාගෙන නිදාගැනීමට හැකි වනු පිණිස ඉර බැස යන විට එම උකස් වස්ත්‍රය ඔහුට භාර දිය යුතු ය. එවිට ඔහු ඔබට ආසිරි දෙනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය ධර්මිෂ්ඨ ක්‍රියාවක් වන්නේ ය.
14
15ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.
16
17
18“ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය.
19
20ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.
21මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.
22මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.