1“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.
2වරදකරු පහර ලැබීමට සුදුසු නම්, විනිශ්චයකරු ඔහු බිම බාවා, වරදේ බරපතලකම හැටියට, තමා ඉදිරිපිට දී නියමිත පහර ගණන ඔහුට දෙන්නට සැලැස්විය යුතු ය.
3
4
5
6තවද, මියගිය සහෝදරයාගේ නම ඉශ්රායෙල් ජනයා අතර නොමැකී පවතින පිණිස ඈට උපදින කුලුඳුලා මියගිය සහෝදරයාගේ නම ගත යුතු ය.
7
8එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,
9ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.
10‘සෙරෙප්පුව ගලවන ලද තැනැත්තාගේ පවුල’ කියා ඉශ්රායෙල් ජනතාව අතර ඔහුගේ පවුල නම් කළ යුතු වේ.”
11“මිනිසුන් දෙදෙනෙකු තමන් අතර දබර කරන කල එක් කෙනෙකුගේ බිරිඳ, තම සැමියාට පහර දෙන අනික් තැනැත්තාගෙන් ඔහු බේරාගැනීමට ළං වී අත දිගු කොට ඒ තැනැත්තාගේ රහසඟ ඇල්ලුවොත්,
12ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය.
13
14ලොකු එකක් සහ කුඩා එකක් වශයෙන් විවිධ හොර මිමි ඔබේ ගෙදර තබා නොගත යුතු ය.
15හරි කිරුම් පඩි ද හරි මනින මිමි ද ඔබ ළඟ තබාගත යුතු ය. මෙසේ කළහොත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ දී ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ ය.
16මෙවැනි වංචනික දේවල් සහ අසාධාරණ දේවල් කරන්නෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි.”
17
18ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න.
19එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”