1ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද
2නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද
3දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක.
4
5මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය.
6උන් වහන්සේ බෙත්-පෙයෝර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.
7මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය.
8ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය.
9මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.
10
11සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබ, මිසර දේශයෙහි පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් ද මුළු සෙනඟ ද ඉදිරියෙහි හාස්කම් සහ අරුමපුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.
12මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී සිය බාහු බලයෙන් මහත් ත්‍රාසජනක දේවල් ද කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.