1මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.
2
3
4එහෙත්, ඔබගේ දෙවි සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව සිටි ඔබ සියල්ලෝ අද පණපිටින් සිටින්නහු ය.
5“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය.
6ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
7“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?
8මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?
9පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.
10එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.
11
12සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය.
13
14
15“එබැවින් ඔබ හැම සුපරීක්ෂාකාරී ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ ගිනි මැද සිට හොරෙබ් කන්ද මුදුනේ දී ඔබ හැම ඇමතූ විට ඔබ කිසි රූපාකාරයක් නුදුටුවහු ය.
16
17
18පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය.
19ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.
20
21
22මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය.
23ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න.
24
25“ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත්
26මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.
27
28එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.
29
30දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,
31උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.
32“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?
33ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?
34ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?
35
36උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි.
37ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.
38අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.
39එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.
40ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”
41
42යමෙකු, කලින් වෛරයක් නොදැක්වූ කෙනෙකු අදහස් නොකර මැරුවොත්, එවිට මේ මිනීමරුවා හට මෙකී නගරවලින් එකකට පලා ගොස් ජීවත් විය හැකි ය.
43මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.
44මෝසෙස් ඉශ්රායෙල් ජනයාට දුන් නීතිය මෙය වේ.
45ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය.
46මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.
47ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය.
48ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.
49තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.