ධර්මදේශකයා 11:1-10 SINRV2006 - Bible AI

1නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.

2සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?

3වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.

4සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.

5ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය.

6උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.

7සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.

8එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා.

9තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.

10ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.

le>