1
2නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය.
3
4
5නුඹට වෛර කරන්නාගේ කොටළුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවොත්, ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස්, ඌට උපකාර කළ යුතු ම ය.
6
7බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි.
8අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි.
9
10
11එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය.
12
13මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”
14“අවුරුද්දකට තුන් වරක් මා උදෙසා මංගල්‍යක් පැවැත්විය යුතු ය.
15
16
17අවුරුද්දකට තුන් වරක් නුඹේ පිරිමින් සියලු දෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු යි.
18“නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ, මුහුන් රොටි සමඟ ඔප්පු නොකළ යුතුයි. තවද, මට පූජා කරන යාග පූජාවේ තෙල ද උදය දක්වා ඉතිරි නොකළ යුතු ය.
19
20“බලන්න, මාර්ගයේ දී නුඹලා ආරක්ෂා කිරීමටත්, මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි.
21ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය.
22එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි.
23මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.
24නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය.
25නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.
26නුඹලාගේ දේශයේ කිසි ම ස්ත්‍රියක ගබ්සා නොවනු ඇත; වඳ ස්ත්‍රියක නොවනු ඇත. මම නුඹලාට දිගු කලක් ජීවත් වීමට ඉඩ දෙමි.
27“මම නුඹලාට පෙරටුව භීතිය හට ගන්වා, නුඹලාට මුණගැසෙන සියලු සෙනඟ වියවුල් කරවන්නෙමි, නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපා දුවන්නට සලසමි.
28නුඹලා වෙතින් හිවීවරුන්, කානානිවරුන් හා හිත්තීවරුන් පන්නා දමන පිණිස නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි.
29එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.
30නුඹලා වර්ධනය වී දේශය අයිති කරගන්නා තෙක් මම ටිකින් ටික නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නෙමි.
31නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.
32නුඹලා ද ඔවුන් සමඟ හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමඟ හෝ කිසි ගිවිසුමක් නොකළ යුතු ය.
33මට විරුද්ධ ව පව් කිරීමට ඔවුන් නුඹලා නොපොළඹවන පිණිස නුඹලාගේ දේශයෙහි ඔවුන් පදිංචි නොවිය යුතු ය. නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළොත් එය නුඹලාට මලපතක් වන්නේ ම ය.”