1“නුඹ සුවඳ දුම් ඔප්පු කිරීමට ෂිටිම් ලීයෙන් පූජාසනයක් තනන්න.
2එහි දිග සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළල සෙන්ටිමීටර් හතළිස්පහක් ද උස සෙන්ටිමීටර් අනූවක් ද ඇති ව, හතරැස් ව එය සෑදිය යුතු යි. එහි අං එය සමඟ ඒකකයක් විය යුතු ය.
3එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.
4එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත.
5ඒ පොලු ද ෂිටිම් ලීයෙන් සාදා රනින් ආලේප කළ යුතු ය.
6ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය.
7දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.
8සවස ඔහු පහන් දල්වන විට ද සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. නුඹේ සෑම පෙළපතක් මඟින් ම එය නොකඩවා ඉටු කළ යුතු සුවඳ දුම් පූජාවක් විය යුතු ය.
9තවද, එය මත තහනම් වූ සුවඳ ද්‍රව්‍යයන් හෝ දවන යාග පූජාවක් වත්, ධාන්‍ය පූජාවක් හෝ පානීය පූජාවක් වත් ඔප්පු නොකළ යුතු ය.
10අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”
11සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, මෙසේ වදාළ සේක:
12“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.
13
14සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.
15නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.
16නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”
17සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
18
19ආරොන් සහ ඔහුගේ පුතුන් තමන්ගේ අත් පා එයින් සේදිය යුතු ය.
20ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ගින්නෙන් දැවූ දවන පඬුර සමිඳාණන් වහන්සේට ඔප්පු කරමින්, සේවා කිරීම සඳහා පූජාසනය ළඟට කිට්ටු වන විට හෝ ඔව්හු වතුරින් තමන් සෝදාගන්නෝ නම් මරණයට පත් නො වන්නෝ ය.
21මෙලෙස ඔවුන් නොමැරෙන පිණිස තමන්ගේ අත් පා සෝදාගත යුතු ය. මෙය ඔහු කෙරෙහි ද, ඔහුගේ පෙළපතින් පැවතෙන සියල්ලන් කෙරෙහි ද සදහට ම වලංගු නියෝගයකි.”
22
23“කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද
24ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය.
25ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.
26එයින් සම්මුඛ මණ්ඩපය හා ගිවිසුම් කරඬුව ද
27මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද
28දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය.
29මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.
30ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.
31ඉන්පසු නුඹ ඉශ්රායෙල් ජනයා අමතා, ‘ඔබේ පෙළපත් මේ ආලේප තෛලය ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතු ය.
32මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය.
33යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”
34නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ සුවඳ ද්‍රව්‍ය වන නාතාප් සහ ෂෙබෙලෙක් ද බෙල්බෙනා සහ පිරිසිදු තුවරලා ද සම බරට ගෙන,
35සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.
36තවද, නුඹ එයින් කොටසක් සුණු කොට, ඉනුත්, කොටසක් මා නුඹ හමු වන සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඉසිය යුතු ය. නුඹ මෙය අතිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු ය.
37නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය.
38යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”