1මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය:
2
3සබත් දවසේ දී ඔබේ කිසි ම නිවාසයක ගින්නක් පවා නො දැල්විය යුතු ය.’ ”
4නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය:
5ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද
6නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද
7රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම් ද ෂිටිම් ලී ද
8පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද
9ඒපොද් නම් සැට්ටයේ සහ ළය වැස්මේ එබ්බවීමට නඛමාණික්‍ය හා වෙනත් මැණික් ද විය හැක.”
10“ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ, සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල සෑදිය යුතු ය.
11එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි;
12ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොලු, කරුණාසනය, එය වසන තිරය;
13මේසය සහ එහි කකුල්, එහි උපකරණ සහ පුදන රොටි
14ආලෝකය දීමට පහන් රුක, එහි උපකරණ, එහි පහන් හා ඒවා දැල්වීමට තෙල්;
15දුම් පූජාසනය හා එහි පොලු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව;
16දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය;
17මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව;
18මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලණු;
19ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන් හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතු ය.”
20ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ.
21තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ.
22ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.
23නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ.
24රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝ ම ඒවා සමිඳාණන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ෂිටිම් ලී තිබූ සියල්ලෝ ද ඒවා ගෙනාහ.
25දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ.
26දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.
27ඒපොද් නම් සැට්ටයේ හා ළය වැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නඛමාණික්‍ය හා වෙනත් මාණික්‍ය ද
28පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ.
29සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.
30මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක.
31උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්,
32දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්,
33මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය.
34උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක.
35තවද, උන් වහන්සේ කැටයම් ශිල්පීන්ගේ ද කලා ශිල්පීන්ගේ ද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින් ව කටින ලද හණවලින් මල් වැඩ දමන්නන්ගේ ද වියන්නන්ගේ ද නන්වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙළ කිරීමටත් පුළුවන් විය.