1මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;
2සෙරායා ද අශරියා ද ජෙරමියා ද;
3පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;
4හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද;
5හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද;
6දානියෙල් ද ගින්නෙතොන් ද බාරුක් ද;
7මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;
8මයශයා ද බිල්ගයි ද ෂෙමායා ද යන පූජකයෝ ය.
9ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;
10ඔවුන්ගේ සහෝදරයන් වන ෂෙබනියා ද හෝදියා ද කෙලීටා ද පෙලායා ද හානාන් ද;
11මීකා ද රෙහොබ් ද හෂබියා ද;
12ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද;
13හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය.
14සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද,
15බුන්නී ද අශ්ගාද් ද බේබයි ද;
16අදොනියා ද බිග්වායි ද ආදීන් ද;
17ආටෙර් ද හෙසකියා ද අශ්ශුර් ද;
18හෝදියා ද හාෂුම් ද බේශයි ද;
19හාරිප් ද ආනාතොත් ද නෝබයි ද;
20මග්පියාෂ් ද මෙෂුල්ලාම් ද හෙසීර් ද;
21මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද;
22පෙලටියා ද හානාන් ද අනායා ද
23හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;
24හල්ලෝහෙෂ් ද පිල්හා ද පෝබෙක් ද;
25රෙහුම් ද හෂබ්නා ද මයසේයා ද;
26අහියා ද හානාන් ද ආනාන් ද;
27මල්ලූක් ද හාරීම් ද බානා ද යන තැනැත්තෝ ය.
28සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද
29තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
30
31
32
34තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.
35
36
37
38
39කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.