1තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය.
2ජෙරුසලමෙහි වාසය කිරීමට කැමැත්තෙන් ම පැමිණි සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාද කළෝ ය.
3
4ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.
5ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය.
6ජෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයන් වූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅටදෙනෙක් ය.
7බෙන්ජමින්වරුන්ගෙන්, ජෙෂායාගේ පුත් ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත් ජෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් සල්ලු ය.
8ඔව්හු ගබ්බයි සහ සල්ලයි ආදි වූ නවසිය විසිඅටදෙනෙක් ය.
9සික්රීගේ පුත් ජෝවෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය. හස්සෙනුවාගේ පුත් ජුදා තෙම නගරයේ දෙවැන්නා ව සිටියේ ය.
10පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද
11දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද
12දේව මාලිගාවේ වැඩ කළා වූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසිදෙදෙනෙක් ද මල්කියාගේ පුත් පෂ්හුර්ගේ පුත්‍රයා වන ශෙකරියාගේ පුත් අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද
13පිය වංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස්දෙදෙනෙක් ද ඉම්මෙර්ගේ පුත් මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන ආසයිගේ පුත් අශරියෙල්ගේ පුත්‍රයා වන අමෂ්සයි ද
14බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.
15ලෙවීවරුන්ගෙන්, බුන්නීගේ පුත් හෂබියාගේ පුත්‍රයා වන අශ්රීකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ද
16ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ දී පිටත කාරණා බලාගන්න ෂබ්බෙතයි ද ජෝෂාබාද් ද
17යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.
18ශුද්ධ නුවර සිටි සියලු ලෙවීවරු දෙසිය අසූහතරදෙනෙක් ය.
19තවද, දොරටු රැකවල් කළා වූ අක්කුබ් ද ටල්මොන් ද ඔවුන්ගේ සහෝදරයන් වූ දොරටු පාලකයෝ ද එකසිය හැත්තෑදෙදෙනෙක් ය.
20සෙසු ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද ජුදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝ ය.
21එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය.
22ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.
23කුමක් නිසාද, ගායකයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේ ය. ඔවුන් උදෙසා දවස් පතා වුවමනා වූ කොටසක් ද නියම කර තිබුණේ ය.
24ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය.
25තමන්ගේ කෙත් ළඟ පිහිටි ගම්වල බොහෝ දෙන විසූ හ. ජුදාවරුන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා, දිබොන්, ජෙකබ්ශෙයෙල් සහ ඒවායේ ගම්වල ද
26ජේෂුවාහි ද මොලාදාහි ද බෙත්-පෙලෙත්හි ද
27හශර්-ෂුවාල්හි ද බෙයර්-ෂෙබාහි සහ ඒවායේ ගම්වල ද
28ශික්ලග්හි ද මෙකොනාහි සහ ඒවායේ ගම්වල ද
29ඒන්-රිම්මෝන්හි ද ශොරාහි ද ජර්මුත්හි ද
30ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.
31බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද;
32අනාතොත්හි ද නොබ්හි ද අනනියාහි ද;
33හශොර්හි ද රාමාහි ද ගිත්තයිම්හි ද;
34හාදීද්හි ද ශෙබොයිම්හි ද නෙබල්ලාට්හි ද;
35කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හි ද ඕනෝහි ද විසුවෝ ය.
36ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.