1
2
3සෙනඟ මේ නියෝගය ඇසූ විට ඔව්හු මිශ්‍ර විවාහයෙන් පැවත ආ අය ඉශ්රායෙල් සෙනඟගෙන් වෙන් කළහ.
4මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය.
5ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි.
6මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන
7ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි.
8මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි.
9ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.
10
11ඒ නිසා නිලධාරීන්ට කතා කර, “දෙවියන් වහන්සේගේ මාලිගාව පාළු වී ඇත්තේ මන් ද?” කියා තරවටු කෙළෙමි. මම ඔවුන් රැස් කරවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කෙළෙමි.
12
13මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.
14“මාගේ දෙවියන් වහන්ස, මා කළ මේ දේ සිහි කළ මැනව. මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා ද එහි නමස්කාරය උදෙසා ද මා කළ යහපත් ක්‍රියා අමතක නොකළ මැනව.”
15
16ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය.
17එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද?
18ඔබේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන් වහන්සේ මේ සියලු විපත්ති අප පිටත්, මේ නුවර පිටත් පැමිණෙවුවා නොවේ ද? එසේ වී නමුත්, ඔබ සබත් දවස කෙලෙසමින් ඉශ්රායෙල්වරුන් කෙරෙහි දේව උදහස වැඩිකරන්නහු ය”යි ඔවුන්ට කීවෙමි.
19තවද, මම සබත් දවසට පෙර ජෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරටු වසා තබන්නටත්, සබත් දවස පසු වන තුරු ඒවා නාරින්නටත් අණ කර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.
20ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝ ද වරක් දෙවරක් ජෙරුසලමෙන් පිට නැවතුණෝ ය.
21මම ඔවුන්ට තරවටු කොට, “ඔබ පවුර ළඟ නවතින්නේ මන් ද? ඔබ නැවත එසේ කළොත් ඔබට දඬුවම් කරන්නෙමි”යි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ දී නගරයට ආවේ නැත.
22තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි.
23
24ඔවුන්ගේ දරුවන්ගේ සංබ්‍යාවෙන් අඩක් අෂ්දොද් භාෂාව හෝ අන් ජාතීන්ගේ භාෂා හෝ කතා කළෝ ය. ජුදාවේ භාෂාව කතා කරන්න ඔව්හු නොදත්හ.
25මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.
26
27එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”
28
29“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
30මෙසේ මම විදේශික වන සියල්ලෙන් ඔවුන් පිරිසිදු කර, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කටයුතු එකිනෙකාට බාර වූ අන්දමට නියම කෙළෙමි.
31තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි.