1
2
3
4
5මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද?
6“එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි.
7එහි ඇති සියලු කැපූ රූප සුණු විසුණු කරනු ලැබේ. ඔවුන් සම්බ කරන සියල්ල ගින්නෙන් විනාශ කරනු ලැබේ. දේව රූප සුන්බුන් කරනු ලැබේ. මන්ද, ඒවා වේශ්‍යාකමට අය කළ ගාස්තුවෙන් රැස් කරගනු ලැබී ය. වේශ්‍යාකමේ පණයම් ගෙවීමට එය නැවත වැය වන්නේ ය.
8“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
9මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”
10“ගාත්හි සෙනඟට එය නොදන්වන්න; නුඹලා නොවැලපෙන්න; බෙත්-ලෙඅප්‍රාහි දූවිල්ලෙහි පෙරළෙමින්, සිටින්න.
11ෂාපීර්හි වැසියෙනි, නග්න ව, ලජ්ජාවෙන් මඟ යන්න. ශයනාන්හි වැසියෝ පිටතට නොඑති. බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේ ය.
12සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.
13අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.
14එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය.
15“එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.
16නුඹලාගේ ප්‍රියාදර දරුවන් නිසා හිස කෙස් කපන්න, හිස බූගාන්න. ඔවුන් නුඹලා වෙතින් වහල්කමට ගෙනයනු ලබන නිසා ගිජු ලිහිණියෙකුගේ හිස මෙන් හිස මුඩු කරගන්න.”