1“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය.
2
3
4
5ඒ ඒ ජාතීන් තම තමන්ගේ දෙවියන් අදහා නමස්කාර කරන නමුදු, අපි සදහට ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අදහා නමස්කාර කරමු.
6සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි.
7එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”
8එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය.
9දැන් ඔබ කෑගසන්නේ මන් ද? ඔබට රජෙකු නැති නිසා ද? වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් ඔබ වේදනාව විඳින්නේ මන් ද? ඔබේ රාජ්‍ය උපදේශකයන් මිය ගොස් සිටින නිසා ද?
10වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් සියොන් පුරඟන වද වේදනා විඳින්න. මන්ද, ඔබට දැන් නගරයෙන් පිටත් වී ගොස් ආරක්ෂාවක් නැති පෙදෙසක ජීවත් වන්න සිදු වනු ඇත. ඔබට බබිලෝනියට යන්න සිදු වනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබ නිදහස් කර, සතුරන්ගේ අතින් ඔබ මුදාගනු ඇත.
11බොහෝ ජාතීන් ඔබට පහර දෙන්න දැන් රැස් වී ඇත. “ජෙරුසලම විනාශ වේ වා! අපි එහි නටබුන් දෙස බලා සිටිමු”යි ඔව්හු කියති.
12එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.
13“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”