1හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.
2
3එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය.
4එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.
5එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක.
6
7ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය.
8ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.
9ඔබ බාහු බලයෙන් ඔබේ සතුරන් පරාජයට පත් කොට ප්‍රතිවාදීන් සියල්ලන් ම විනාශ කර දමන්නහු ය.
10සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.
11නුඹලාගේ දේශයේ නගර විනාශ කොට සියලු බලකොටු බිඳ දමන්නෙමි.
12මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි.
13නුඹලාගේ දේව රූප ද රූපස්ථම්භ ද නුඹලා කෙරෙන් සිඳ දමන්නෙමි. අතින් තනාගත් දේවලට නුඹලා තවත් නමස්කාර නොකරන්නහු ය.
14මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි.
15මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.”