1දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය:
2
3
4
5
6
7
8ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය.
9ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය.
10නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය.
11පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.
12ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.
13
14
15සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න.
16“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?
17නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක.
18උන් වහන්සේ නුඹ ගුලිකර බෝලයක් මෙන් විශාල දේශයකට විසිකර දමන සේක. එහි දී නුඹ මහා ආඩම්බරයෙන් තැකූ යුද්ධ රථ අසල නසින්නෙහි ය. නුඹේ ස්වාමියාගේ වංශයට නුඹ නින්දාවකි.
19සමිඳාණන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙළාදමන සේක.”
20සමිඳාණන් වහන්සේ ෂෙබ්නාට මෙසේ වදාළ සේක: “එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියාකිම්ට මම අඬගසන්නෙමි.
21නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.
22
23මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.
24“ඔහුගේ ඥාතීහු ද ඔහුගේ භාරය යටතේ සිටින සියලු දෙනා ද ඔහුට බරක් වන්නෝ ය. ඇණයක එල්ලා ඇති හැලි වළං මෙන් ඔවුන් ඔහුගේ ඇඟේ එල්ලෙනු ඇත.
25එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.”