1සමිඳාණෝ එනම්, සව් බලැති සමිඳාණෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනඟගේ පිහිටාධාරය වන සියලු දේ ඔවුන්ගේ ආහාර පාන ද ඉවත් කරන සේක.
2වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද
3හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන් ද මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවන් ද එතුමාණෝ පහකරන සේක.
4සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.
5සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය.
6එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත;
7එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය.
8සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත.
9ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි;
10ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය;
11එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත!
12මුදල්
13කරුණු ප්‍රකාශ කරන්නත්, ජාතීන් විනිශ්චය කරන්නත් සමිඳාණෝ අසුන් අරා සිටින සේක.
14සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක.
15මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත.
16සමිඳාණෝ මෙසේ වදාරන සේක;
17මම ඔවුන්ගේ හිස මුඩුකර, ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”
18සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන්, ඔවුන්ගේ උඩඟුකමට හේතු වන දේවල් එනම්, පාදවලත්, බෙල්ලේත්, හිසේත් පළඳින ආභරණ ද;
19අත් වළලු ද මුවවස්නා ද;
20මකුට ද පාදදාම ද ඉඟපටි ද සුවඳ හෙප්පු ද සුර ද;
21මුදු ද නාසාභරණ ද;
22මංගල වස්ත්‍ර ද සළු ද උතුරු සළු ද පසුම්බි ද;
23අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.
24එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
25නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.
26නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.